මෙරට මන්ත්‍රීවරයෙකූ චීන ජනපතිට සිදු කළ දේ.. (PHOTOS)

By Sithumi Jan 03, 2022 12:31 PM GMT
Sithumi

Sithumi

Report

ඉතිහාසයක් පුරා චීනය විසින් මෙරටට සිදු කරන ලද ආර්ථික හා සමාජීය බලපෑම් වල වත්මන් ස්වභාවය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

කරුණු 45 කින් සමන්විත මෙම දීර්ඝ ලිපියේ සඳහන් වන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට චීනය සහ ශ්‍රී ලංකාවව අතර පැවති මිත්‍ර සම්බන්ධතාව මේ වන විට යොමු වී ඇති දිශානතිය පිළිබඳවයි. චීනයේ දැඩි බලපෑම හේතුවෙන් මේ වනවිට මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය සහ ඒ හරහා ශ්‍රී ලංකාව පැටලී ඇති ණය උගුල දේශපාලනික වශයෙන් මෙම දීර්ඝ ලිපියෙන් විග්‍රහ කෙරෙනවා.

එහි අවසන් පරිච්ඡේද කිහිපය වෙන්කර ඇත්තේ ඉදිරියේදී පිහිටුවන ලබන රජයක දී මේ වන විට චීනය සමඟ ඇති කරගෙන තිබෙන සියලු ගිවිසුම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් සිදු කර එහිදී ශ්‍රී ලංකාවට හානිදායක සහ ප්‍රතිලාභ නොලැබෙන ආකාරයට සිදුකර ඇති ගිවිසුම් සම්බන්ධයෙන් නැවත තීන්දු තීරණ ගැනීමට කටයුතු කරන ආකාරය පැහැදිලි කිරීමටයි. අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීම සඳහා ඉදිරියේ එළඹෙන මහ මැතිවරණයක දී ඒ සඳහා වන ජනතා කැමැත්ත විමසන ජනමත විචාරණයක් එයට භාවිත කරන බවත් ඔහුගේ ලිපියේ සඳහන් වනවා.

එමෙන්ම චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත යොමු කර ඇති එම ලිපියේ අවසන් පරිච්ඡේදයෙන් දැක්වෙන්නේ යම් හෙයකින් සෙලන්දිවා සමාගම හරහා චීන සමාගම් හෝ චීන රජය මෙරට යම් දේපලක් අත්පත් කර ගතහොත් එය මුල් පටන් අවලංගු කරන බව සහ එලෙස සිදු කරනු ලබන අවලංගු කිරීම්කදී කිසිදු ගෙවීමක් නොකරන බවටත් සිහිතබා ගත යුතු බවට මතක් කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ චීන ජනාධිපති ෂී ජින්පින්ග් වෙත යොමුකළ එම සම්පූර්ණ ලිපිය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
Join now

Gallery