සුළි කුණාටුව දේශ සීමාවට ඇතුළු වෙයි..ඉහළ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරයි..
ෂැන්ෂාන් සුළි කුණාටුව අද (29) අලුයම ජපානයේ ප්‍රධාන දකුණු දූපතක් වන කියුෂු වෙත ළඟා වී තිබෙන බව වාර්තා වනවා.
බලධාරීන් විසින් මිනිසුන් දහස් ගණනකට ඉවත් වන ලෙස උපදෙස් දුන් අතර සුළං සහ කුණාටු ඇතිවීම සඳහා ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටමද මේ වනවිට නිකුත් කර ඇති බවයි පැවසෙන්නේ.
මේ වසරේ ජපානයේ බලවත්ම සුළි කුණාටුව පෙරවරු 8:00ට පැයට කිලෝමීටර් 252 (සැතපුම් 157) දක්වා වේගයෙන් හමා ගිය බවයි, කාලගුණ කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ නිවාස 254,610 ක් දැනටමත් විදුලිය විසන්ධි වී ඇති බවයි.
"ප්‍රචණ්ඩ කුණාටු, උස් රළ සහ උස් උදම් පිළිබඳ විශේෂ අනතුරු ඇඟවීම් Kagoshima කලාපයට නිකුත්කර ඇති බවයි, ජපාන කාලගුණ විද්‍යා කාර්යාලය පවසන්නේ.
එම කාර්යාලය සඳහන්කර සිටින්නේ, "බටහිර ජපානයේ සිකුරාදා ළං වන විට අධික වර්ෂාව හේතුවෙන් ව්‍යසනයක් ඇතිවීමේ අවදානම ශීඝ්‍රයෙන් උත්සන්න විය හැකි බවයි.
කුණාටුවත් සමඟ ධාරානිපාත වර්ෂාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට අඟහරුවාදා සිට ඇද හැලෙමින් පවතින බවද සඳහන් කරයි.
ජපානයේ ප්‍රවෘත්ති ඒජන්සියක් ප්‍රාදේශීය පාලන නිලධාරීන් උපුටා දක්වමින් අද අලුයම වාර්තා කළේ, මධ්‍යම Aichi ප්‍රාන්තයේ නගරයක් වන Gamagori හි නිවසක් නාය යාමෙන් පවුලක සාමාජිකයින් තිදෙනෙකු මිය ගිය බවයි.
මියගිය අය අතර 70 හැවිරිදි අඹුසැමි යුවළක් මෙන්ම 30 හැවිරිදි පුතෙකු ද සිටින අතර 40 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු තුවාල සහිතව දිවි ගලවා ගත් බව ද වාර්තා වේ.
ජපන් කාලගුණ කාර්යාලය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ, southern Kyushu සඳහා හෙට උදෑසන සිට පැය 48 දක්වා මිලිමීටර් 1,100ක දැවැන්ත වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි.