අධික වර්ෂාවත් සමග කොළඹ ජලයෙන් යට වෙයි..(VIDEO)

Weather Colombo Kotahena Amar street
By Aruna Jul 26, 2021 06:25 AM GMT
Aruna

Aruna

Report

අධික වර්ෂාපතනය හේතුවෙන් බොරැල්ල , තුන්මුල්ල හන්දිය සහ ආමර් වීදියේ කිංසි පාර ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියව පැවතීම හේතුවෙන් ප්‍රදේශ රැසකට අද දිනයේ මිලිමීටර් 100ට වැඩි තදවැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට එලෙස වැසි පවතින බව නිවේදනය කරයි. 

අධික වැසි නිසා කොළඹ ආමර් වීදිය සහ කොටහේන යන ප්‍රදේශ වල තත්ත්වය වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now