ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Aug 21, 2023 12:29 PM GMT
Sewvandhi

Sewvandhi

Report

උණුසුම ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳවයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදන නිකුත් කර ඇත.

ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, එම ජනතාවට විමසිලිමත් වන ලෙස ද දන්වා සිටිනවා. 

එම සම්පූර්ණ නිවේදනය පහතින්...

Gallery
ReeCha