භයානක ඛේදවාචකයක් අත ළඟ..GMOA හෙළි කරන භයානක සත්‍යය..(VIDEO)

By Sewvandhi Dec 06, 2021 11:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරියට එන උත්සව සමයේ දී ජනතාව කොවිඩ් මාර්ගෝපදේශ අමතක කළොත් විශාල ඛේදවාචකයක් සිදුවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ,

නොදන්නා පුද්ගලයින් කොවිඩ් පිළිබඳ විවිධ අදහස් පළ කිරීම තුළින් ජනතාව නොමඟ ගොස් ඇති බවය. එමෙන්ම වරාය හෝ ගුවන්තොටුපොළ තුළින් මෙරටට පැමිණෙන සියලුදෙනාම පීසීආර් පරීක්ෂාවකට යොමුකළ යුතු බවත් එයට අවශ්‍ය පහසුකම් රජය විසින් ස්ථාපිත කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.


මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා,

"අපිට පේන්න තියෙනවා විවිධ පාර්ශව මේ එන්නත් ක්‍රියාවලිය අධෛර්යමත් කරන ආකාරයේ ප්‍රකාශයන් කරනවා. මේ පිළිබඳ විද්‍යාත්මක දැනුමක් නැති, එන්නත් පිළිබඳ දැනුමක් නැති පුද්ගලයින් ඒ පිළිබඳ වැරදි මතවාද ඉදිරිපත් කරමින් ජනතාව එන්නත්කරණයට යොමුවීම අඬාල කිරීමට කටයුතු කරනවා. එහි විපාක ඉදිරියේ දී විඳින්නට වෙනවා මෙහෙම ගියොත්. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පළමු දෙවන හා නිසි කාලයේ දී තුන්වන මාත්‍රාවත් ලබාගන්න.

ජනතාව විදියට ඇල්ෆා ද, ඩෙල්ටා ද, ඔමික්‍රෝන්ද කියන එක කාරණයට වඩා තවම කොවිඩ් වසංගතය අවසන් නෑ කියන කාරණයට අවදානය යොමුකළ යුතුයි. කොවිඩ් තාම ලංකාවේ තියෙනවා. කොවිඩ් තාම ලංකාවේ තියෙනවා නම් අපි ආරක්ෂා විය යුතුයි. එකක් තමා එන්නත ලබාගැනීම. දෙවැනි කාරණය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්. අපි දකිනවා ජනතාවට මේ කාරණා අමතක වෙමින් තියෙනවා. අමතක වෙන හැමවෙලාවකම අවසන් වෙන්නේ ඛේදවාචකයකින්.

අපි දැක්කා සිංහල අවුරුදු කාලේ ඊට පස්සේ මොකද වුණේ කියලා රටම දැක්කා. දැන් තවත් උත්සව සමයක් එනවා. සැණකෙළි හා ක්‍රීඩා කටයුතු සඳහා උනන්දුවක් තියෙනවා. මෙහිදී ජනතාව අමතක කළොත් කොවිඩ් ශ්‍රී ලංකාවේ තියෙනවා අමතක කළොත් ප්‍රභේදය කුමක් වුවත් ඉදිරියේ දී කොවිඩ් පැතිරෙන්න පුළුවන්. එය වළක්වා ගැනීමට ගත යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගත යුතුයි. ලබන ජනවාරි මාසයේ දී මේ උත්සව සමය අවසන්වෙලා කලින් සිංහල අවුරුදු සමය ඉවරවෙලා මුහුණදුන්නා වගේ ඛේදවාචකයකට නැවත ඇතුළු වීම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW