හිටපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන එළියට ආ අලුත්ම පැටිකිරිය මෙන්න
ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිකුත් කළ නිවේදනයකින් ප්‍රකාශ කර ඇත්තේ, අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු ලෙස හඳුන්වා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් නිලධාරියා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු නොවන බවයි.
පසුගිය නොවැම්බර් 5 වැනිදා හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත් මෙම නිලධාරියා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු වන අතර, රාජකාරි ආවරණය කරන්නෙකු බව සංගමය සනාථ කර ඇත.
එම විදුහල්පති සම්බන්ධයෙන් නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා 'විදුහල්පති' ලෙස ඉස්මතු කර දැක්වුව ද ඔහු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයකු නොවන බවය.
ඒ අනුව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනු ලබන්නේ ඔහු ශ්‍රී ලංකා ගුරුසේවයේ නිලධාරියකු බව මේ වනවිට සනාථ වී ඇති බවත් ඔහු රාජකාරි ආවරණය කරන්නෙකු බවත් ය.
'විදුහල්පති' යනුවෙන් හැඳින්විය හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් බවද අදාළ නිවේදනයේ සඳහන්ය.
තවද, එම අදාල නිවේදනයේ සඳහන් වන්නේ එම නිලධාරියා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරනවිට. "ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු" ලෙස හඳුන්වන ලෙසයි.