අසභ්‍ය දර්ශ මෙරට ප්‍රධාන විශ්වවිද්‍යාලයක් ඇතුලෙ හුවමාරු වෙයි..සමාජ මාධ්‍යයටත් මුදාහරියි..

Ministry of Education University of Kelaniya University of Peradeniya Sri Lanka Sri Lanka Social Media
By Aruna Nov 06, 2022 12:05 AM GMT
Aruna

Aruna

Report

සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන හුවමාරු කරමින් සිදුකළ නවක වදයට සම්බන්ධ ක්‍රියාවක් පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ පළමු වසර සිසුවෙකුට ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය වීඩියෝ පට හුවමාරු කරමින් මෙය සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව එම සිසුවා විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවියට මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි කර ඊට අදාළ හඬපට සහ වීඩියෝපට විනය පාලක වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

නවකවදය මුල් කර ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල මින් පෙර ද අවස්ථා කිහිපයකදීම ගැටුම් හට ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දේශන සඳහා සහභාගි වීම ද ආචාර මණ්ඩලය විසින් වර්ජනය කරනු ලැබුවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලය තුල ද නවකවදය සම්බන්ධ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා වුණා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කළමනාකරණ පීඨයේ හිටපු සභාපති අනුරාධ නුවන් කියා සිටියේ, වත්මන් මහා ශිෂ්‍ය සංගමය විසින් විශ්වවිද්‍යාලය තුල නවක සිසුන්ගේ ඉගෙන ගැනීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කර ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha