විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

university Sri lanka act
By Sithumi Jul 22, 2021 03:22 PM GMT
Sithumi

Sithumi

Report

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට්කර තිබේ. එහෙත් එම පනත් කෙටුම්පත සම්මතවීමට ඉඩ නොතබන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජාතික ජනබලවේගය අවධාරණය කරයි.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරමින් සංශෝධන පනත් කෙටුම්පතක් පසුගිය 20 වනදා ගැසට්කර තිබුණි. එම සංශෝධිත ගැසට් නිවේදනයට අනුව ශිෂ්‍යයන් නොවන තැනැත්තන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා විශේෂිත කාර්යක් සඳහා වු විශ්වවිද්‍යාලයක් පිහිටුවිය හැකිය.

ඊට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් අද (22) පැවැත්වුණි. එහිදී ඔහු පැවසුවේ,"රජය දැන් අලුත් පනතක් ගෙනවිත් තිබෙනවා.

ඒ පනත ගෙනල්ලා තියෙන්නේ කිසිසේම තමන් ගෙනාව කොතලාවල විශ්වවිද්‍යාල හා පාසල් සම්බන්ධ පනත වෙනස් කිරිමට නොවේ. ඔවුන් කරලා තියෙන්නේ, විශ්වවිද්‍යාල පනත වෙනස් කර තිබෙනවා. ඊයේ රාත්‍රීයේ ගැසට් කරන පනතින් කරලා තියෙන්නේ. පොදුවේ මුදල් අයකරන විශ්වවිද්‍යාල හා පාසල් පද්ධතියක් වන යෝජනාව කිසිම ලෙසකින් ආපසු හරවාගෙන නැහැ.

පාසල් හා ආයතන පද්ධතියක් බිහිකරනවා." යනුවෙනි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සමග පෞද්ගලික විශ්වවිද්‍යාල අනුබද්ධ නොකරන බවය. ප්‍රශ්නය - යෝජිත සංශෝධිත පනත මඟින් පාලකයින් 9 දෙනෙකු පත්කරන්න යෝජනා කර තිබෙනවා. එතකොට මේ පාලකයින් 9 දෙනාගෙන් 7 දෙනෙකුම යුද හමුදා නිලධාරීන් ඇයි සිවිල් නිලධාරීන් මේ සඳහා යොදවා ගන්නේ නැත්තේ? විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න,

"හමුදාවේ රාජකාරි කරා කියලා හමුදාවේ අයට අවශ්‍ය විදියට දරුවෝ දාන්න බෑ මේකට. මම ආරක්ෂක ලේකම් හැටියට මටවත් දරුවෙක් මේකට දාන්න බෑ ඒ මූලික සුදුසුකම් සපුරා නැතිනම්. මේකේ ඉගෙනීම් කටයුතු පාලනය කරන්නේ සම්පූර්ණයෙන් ම සෙනට් මණ්ඩලයෙන් පාලක මණ්ඩලයෙන් සිදුකරන්නේ. මැනේජ්මන්ට් බෝඩ් එකෙන් කරන්නේ දරුවන්ට ඉගෙනීමට අවශ්‍ය පහසුකම් සපයාදීමට තීරණ ගැනීම."

ප්‍රශ්නය - ඕනෑම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට මේ මණ්ඩලය අනුමැතිය අරගෙන කොතලාව විශ්වවිද්‍යාලයට අනුබද්ධවෙලා උපාධි පිරිනැමීමේ ආයතන බිහිකළ හැකිද? විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න" "පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අපි අනුබද්ධ කරගන්නේ නැහැ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට."

ප්‍රශ්නය - KDU එකේ ශිෂ්‍ය සංගම් තිබෙනවාද? "ශිෂ්‍ය සංගම් අපගේ විශ්වවිද්‍යාලයේ නැත."