අන්තරේ කැඳවුම්කරු ඇතුළු 5 දෙනාට හිමි වූ දේ.
විරෝධතාවකදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ජ’පුර ශිෂ්‍ය සංගම් සභාපති අමිල සංදීප ඇතුළු 5 දෙනාට හෝමාගම මහාධිකරණයෙන් ඇප ලබාදී තිබෙනවා.
මේ අතර උඩවලව ජාතික වනෝද්‍යානය ආසන්නයේ දී නිර්වින්දනය කර අලි පැටවකු අල්ලා ගැනීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කිරීම්ට ප්‍රදේශය භාර වනජීවී නිලධාරීන්ට හැකි වී ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසනවා.
මෙලෙස නිර්වින්දනය කළ අලි පැටවා වනජීවී බාරයට ගෙන ඇත්තේ උඩවලව පනාටුව විදුලි කුටිය ආසන්නයේදී.
නමුත් ඔහු කියා සිටින්නේ මෙම වැටලීමේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි.
මෙවන් ග්‍රාමීය ප්‍රදේශයක මේ ආකාරයට මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් නිදහසේ පලා යාම පිළිබඳව ඔහු විමතිය පළ කරනවා.
නැවතත් පසුගිය සමයේ මෙන් අලි පැටවුන් අල්ලා අළෙවි කිරීමෙ ජාවාරම ක්‍රමයෙන් හිස ඔසවන බවයි ඔහු කියා සිටින්නේ.
නීතිවිරෝධීව ළඟ තබාගත් අලි ඇතුන් සම්බන්ධයෙන් නීති අංශ ලිහිල් පිළිවෙළක් පිළිවෙතක් අනුගමනය කරන සමයක දී මෙම ජාවාරමට වහාම තිත තැබීමට නීතිය කරවන බලධාරීන් අසමත් වුවහොත් එය මෙරට වන අලින්ගේ පැවැත්මට බලවත් තර්ජනයක් වනු ඇති බවටයි පරිසරවේදී නයනක රන්වැල්ල අනතුරු අඟවන්නේ.
වර්ෂ 2010ත් 2015 අතර කාලසීමාව තුළදී වනාන්තර වල සිටින අලි පැටවුන් ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ මව් ඇතින්නියන් මරා දමා හෝ නිර්වින්දනය කර පැහැරගත් සිදුවීම් රාශියක් පිළිබඳව වාර්තා වුණා නමුත් එම කිසිදු අවස්ථාවක් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය හෝ වනජීවී දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුනේ නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
