“අනේ මාව අතහැරපං, කවුරුවත් නැද්ද මාව බේරගන්න” - රූමත් කතුන් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ උස්සගෙන යයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Colombo Jaffna
By Sithumi Aug 31, 2023 07:02 AM GMT
Sithumi

Sithumi

Report

යාපනයේ වඩමරච්චි කුඩත්තනෙයි ප්‍රදේශයේ නිවසකට අවි ආයුධ සමග පැමිණි පිරිසක් එහි සිටි කාන්තාවක් බලහත්කාරයෙන් ඊයේ (30) දිනයේ පැහැර ගෙන ගොස් තිබෙන පුවතක් වාර්තා වනවා.

මේ පිළිබදව යාපනය පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලීසිය ආරම්භ කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පැහැර ගෙන ගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයාද මේ සිද්ධියට සම්බන්ධ බවයි.

දෙදෙනාගේ පවුල් ආරවුල සම්බන්ධයෙන් යාපනය පේදුරුතුඩුව පොලීසියේ පැමිණිලි කීපයක්ම දමා ඇති අතර මේ දෙදෙනාට අධිකරණයේ පිහිට පතා යම් තීන්දුවකට එළඹෙන ලෙසට පොලීසිය අවසන් වරට උපදෙස් දී ඇත.

මේ අඹුසැමියන් මාස කිහිපයක සිට වෙන් වෙන්ව ජීවත් වන අතර කාන්තාව ඇගේ මවගේ නිවසේ සිටියදී එක් වරම නිවසට ආයුධ සන්නද්ධව කඩා වැඩුණු පිරිසක් නිවසේ උදවිය හා කාන්තාව බිය ගන්වා ඇයව වාහනයක දමාගෙන බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ, එම අවස්ථාවේදී වාහනය තුළ කාන්තාවගේ ස්වාමියාද සිටි බව සී.සී.ටී.වී කැමරා දර්ශනවලින් පොලීසියට තහවුරු ඇති බවයි.

පැහැරගෙන ගිය කාන්තාව හෝ එම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය තවමත් සමත් වී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ අතර, වතුපිටිවල ප්‍රසිද්ධ ඇඟලු‍ම් කම්හලක සේවිකාවක මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම පැහැරගැනීම 20 වැනිදා සවස 6.30 ට පමණ වතුපිටිවල වල්ගම්මුල්ල ප්‍රදේශයේදී සිදුවී තිබෙන අතර මෙලෙස පැහැරගැනීමට ලක් වූ 34 හැවිරිදි ඇඟලු‍ම් කම්හල් සේවිකාව සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් දැන ගන්නට නැතැයි ද පොලිසිය පැවසුවා.

එක්දරු මවක වන මෙම ඇඟලු‍ම් සේවිකාව සේවය නිමවා සේවා බස් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී ඇය සිටි බස් රථයට හරස් වන ලෙස නවත්වා ඇති මෝටර් රථයක පිරිසක් ඉන් බැසවිත් බස් රථයේ සිටි ඇඟලු‍ම් සේවිකාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසනවා.

ඇය පැහැරගෙන ගිය මෝටර් රථයේ අංකය පරීක්‍ෂා කිරීමේදී එම අංකය ව්‍යාජ එකක් බව ද පැහැරගැනීමට ලක් වූ ඇඟලු‍ම් සේවිකාව සැමියාගෙන් වෙන් ව සිටින බව ද හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

මැය වෙනත් විවාහයක් කර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියදී මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

ඇය පැහැරගෙන ගියේ කවුදැයි මෙතෙක් හෙළි වී නැති අතර ඇයගේ ජංගම දුරකථනය ද මේ වනවිට විසන්ධි වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

ReeCha