ළමුන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කල රිය අනතුර.

Sri Lanka Police Sri Lanka Accident
By Hashini Aug 31, 2023 09:43 AM GMT
Hashini

Hashini

Report

වරකාපොළ දෙස සිට කෑගල්ල දෙසට ධාවනය කරන ලද මෝටර් රථයක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී කෑගල්ල දෙසින් පැමිණි මෝටර් රථ තුනක ගැටී තිබෙනවා.

කෑගල්ල පොලිසිය පැවසුවේ, එම අනතුරින් මෝටර් රථයක සිටි ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කෑගල්ල මහා රෝහලට ඇතුලත් කළ බවයි.

ඊයේ (30) දහවල් 2ට පමණ සිදු වූ මෙම අනතුරින් වාහන හතරටම අලාභ සිදු වී ඇත.

පොලිසිය සඳහන් කරන්නේ, වරකාපොළ දෙසින් පැමිණි මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවුම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. 

ReeCha