සංචාරක ආදායම්වල කිසිදු අඩුවීමක් නෑ හැබැයි ඇත්ත එළි වෙලා - ඇමති විජිත රවීගේ රෙදිත් ගලවලම දුන්න උත්තරේ

Report

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා අද (09) දින පාර්ලිමේන්තුවේදී අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම්වල කිසිදු ආකාරයක අඩුවීමක් සිදුව නොමැති බවයි.

ඒ අනුව ඔහු පැවසුවේ සිදුව ඇත්තේ මීට පෙර භාවිත කළ දෝෂ සහිත දත්ත සමීක්ෂණ ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක සමීක්ෂණ ක්‍රමවේදයන් භාවිත කිරීම හේතුවෙන් සංචාරකයින්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව හෙළි වීම පමණක් බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු රවි කරුණානායක මහතා මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ මීට පෙර මෙරට භාවිත කර ඇත්තේ කෘතිමව ඉහළ ආදායමක් පෙන්විය හැකි, සීමිත සාම්පල ප්‍රමාණයක් සහිත සමීක්ෂණ ක්‍රමවේදයක් බවත් වත්මන් රජය යටතේ ජාත්‍යන්තරව පිළිගත් සමීක්ෂණ ක්‍රමවේදයන් පිළිපැදීම සිදු කරන බවත් ය.

එබැවින් විදේශීය සංචාරකයෙකු ශ්‍රී ලංකාවේ සැබෑ ලෙසම වියදම් කරන ඩොලර් ප්‍රමාණය නිවැරදිව සොයාගෙන ඇති බවත්, සංචාරකයින් ශ්‍රී ලංකාවේ වියදම් කිරීමේ රටාවේ කිසිදු විශාල වෙනස්කමක් හෝ බිඳ වැටීමක් සිදු වී නොමැති බවත් ඔහු පැවසුවා.

සලේට කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වෙයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්

සලේට කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වෙයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්

ඒ අනුව ඔහු පෙන්වා දුන්නේ සිදුව ඇත්තේ නිවැරදි දත්ත වාර්තා වීම පමණක් බවයි.

එම අවස්ථවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ සංචාරකයින් සිදුකරන ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් ශ්‍රී ලංකා මහ බැංකුවේ 'ලංකා පේ' පද්ධතිය හරහා නොවී, වෙනත් බාහිර ගෙවුම් ද්වාර ඔස්සේ සෘජුවම පිටරටට ගලා යන බැවින් රටට ලැබිය යුතු විදේශ විනිමයෙන් 2.5%ක් නිල නොවන මට්ටමින් රටට අහිමි වන බවයි.

එයට ද පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඒ සඳහා මෙතෙක් කිසිදු ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බවයි. වසර ගණනාවක් තිස්සේ එම ජාත්‍යන්තර ඩිජිටල් යෙදවුම්වලට ශ්‍රී ලංකාවේ බදු ක්‍රම හඳුන්වා දී බදු අයකරන ක්‍රමවේද සකස් කර නොතිබීම ලොකු අඩුවක් බවත්, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී පවා එවැනි ක්‍රමවේදයක් සකස් නොකළ බවත් එහිදී ඔහු පැවසුවා.

වැඩි කරපු වැටුප ආයේ නැවතෙනවද? පාර්ලිමේන්තුවෙදි මේ අයගේ වැඩි කළ වැටුප් ගැන පැහැදිලි කිරීමක්

වැඩි කරපු වැටුප ආයේ නැවතෙනවද? පාර්ලිමේන්තුවෙදි මේ අයගේ වැඩි කළ වැටුප් ගැන පැහැදිලි කිරීමක්

තවද ඔහු හෙළි කළේ පසුගිය පාලකයන්ට කිරීමට නොහැකි වූ එම වගකීම වත්මන් රජය ඉතා කෙටි කාලයක් තුළ ඉටු කරන බවයි. ඒ අනුව දැනටමත් එම බදු ක්‍රම හඳුන්වා දී ඇති අතර, අයවැය ඉදිරිපත් කර ඒ ඔස්සේ අදාළ ජාත්‍යන්තර ආයතන සහ යෙදවුම්වලින් බදු අයකරන ආකාරය හඳුන්වා දී ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කර ඇත.

එමෙන්ම රටට පැමිණෙන සංචාරකයන්ගෙන් යම් මුදල් ප්‍රමාණයක් නැවත පිටතට ඇදී යන බව ඇත්තක් වුවද, එම සියලුම මුදල් රට තුළට ගැනීමට විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය ක‍ර සිටියා.

ඒ වෙනුවෙන් අලුතින් නීති රීති මෙන්ම තාක්ෂණික ක්‍රියාමාර්ගද අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එම නීතිමය සහ තාක්ෂණික පියවරයන් දෙකම කඩිනමින් ගැනීමට වත්මන් රජය මේ වන විට සෘජුවම මැදිහත් වෙමින් සිටින බවත් සඳහන් කළා.

'ලංකා පේ' ක්‍රමවේදයට ඇතුළත් කිරීම ඒ සඳහා ගෙන ඇති එක් ප්‍රධාන පියවරක් බව ද මෙහිදී ඔහු පෙන්වා දුන්නා.    

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ

සරත් ෆොන්සේකට ජම්පර් ගහලා ඇතුළට දාද්දි කවුරුත් කතා නෑ - සලේ දවස් 90ක් ඇතුළේ හිටියා රාබු මීයෝ කැරපොත්තෝ ප්‍රශ්ණ නෑ - ගෝටාභයට තහනමක් දැම්මා විතරයි සලේ ගැන පුදුම ආදරයක්නේ