විශාල පිරිසක් නොඉවසිල්ලෙන් බලාසිටි දෙයක් අද සවස 3.00ට සිදුවෙයි.

Sri Lanka Jonstan pranandu Kelani bridge Road developmen
By Aruna Nov 25, 2021 06:03 AM GMT
Aruna

Aruna

Report

ඊයේ සුබ මොහොතින් විවෘත කෙරුණු කැලණි නව පාලම අද සවස තුනේ සිට මහජනතාව සඳහා විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙරට කේබල් මත ඉදිකෙරුණු පළමු පාලම වන මෙය ඊයේ සවස විවෘත කිරීමෙන් අනතුරු ව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන පැමිණි බොහෝ පිරිසකට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැහැ.

ඒ කටුනායක අධිවේගී මාර්ගයෙන් පාලමේ ප්‍රවිෂ්ඨය අවහිර කර තිබීම හේතුවෙන්.

මෙම නව පාලමේ අද්දැකීම විඳගැනීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණා.

කෙසේ වෙතත් අද සවස තුනෙන් පසු ව මෙරට නගරයක් තුළ ඉදි වූ දීර්ඝතම කණු මතින් දිවෙන මඟෙහි ගමන් කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now