ඈන් කුමරිය මෙරටට ගොඩබසියි. (PHOTOS)

Sri Lanka Tourism Tourism
By Wayomi Jan 10, 2024 10:08 AM GMT
Wayomi

Wayomi

Report

එක්සත් රාජධානියේ රාජකීය කුමරියක වන ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා අද (10) දහවල් 1.00ට පමණ දිවයිනට පැමිණියා.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 504 දරණ ගුවන් යානයෙන් ඇය මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර 75 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් ඈන් කුමරිය දිවයිනට පැමිණ ඇති අතර දින දෙකක් කාලයක් මෙරට රුදී සිටීමට නියමිත ඇය සංචාරය අතර තුර මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට ද නියමිතයි.       



                                                                                   Sponsored By Sarrita Jewellery

ඈන් කුමරිය මෙරටට ගොඩබසියි. (PHOTOS) | To Princess Anne Island

GalleryGalleryGallery
ReeCha