තුසිත හල්ලොලුව භාරවෙන්න ඇවිත්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර තිබූ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ ඇත.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඊයේ (13) දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා මෙසේ වරෙන්තු නිකුත් කර තිබුණා.
ඒ නාරාහේන්පිට ප්‍රදේශයේදී තමන් ගමන් ගත් වාහනයකට කිසියම් පිරිසක් වෙඩි තැබූ බවට සඳහන් කරමින් අසත්‍ය පැමිණිල්ලක් සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස තුසිත හල්ලොලුව නම් කර සිටීම නිසයි.
අඳාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර තුසිත හල්ලොලුව මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් ඔහුට වරෙන්තු නිකුත් කිරීමට අධිකරණය කටයුතු කර තිබුණා.