පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට ආ නව ක්‍රමවේදය..(VIDEO)

Ministry of Education Sri Lanka
By krishani Jan 03, 2023 07:06 AM GMT
krishani

krishani

Report

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් විධිමත් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම නව සංශෝධනයන්ට අනුකූලව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී නව ක්‍රමවේදයක් සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

එය කැබිනට් තීරණ මගින් දැනුම්දී  ඇති අතර අතරමැදි ශ්‍රේණිවල දී පාසල් මාරු කිරීමට අවශ්‍යතාවක් ඇති කණ්ඩායම් හඳුනාගෙන සියලුම සිසුන්ට සාධාරණ සහ සමප්‍රවේශ අවස්ථා හිමිගැන්වෙන පරිදි නව ක්‍රමවේදය හරහා සිදු කෙරෙයි.

මෙම නව ක්‍රමවේදය 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී අදාළ නොවේ.

දැනට පවතින 1-5 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් සහ 6-11 ශ්‍රේණිවල එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් වශයෙන් පවත්වාගෙන යාම ඇතුලු කරුණු කිහිපයකට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha