ගුරුවරු යළිත් සටනට සැරසෙයි..යළිත් පාසල් වහන්න වෙයි?..

Sri Lanka Education Teachers picketing Josep Stalin Salary problems
By Aruna Dec 03, 2021 04:30 AM GMT
Aruna

Aruna

Report

කැබිනට් තීරණය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගුරු හා විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත් කිරීමේ කැබිනට් මණ්ඩල තීරණය අධ්‍යාපන අමාත්‍යාංශය උල්ලංඝනය කිරීමට එරෙහිව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබේ.

කැබිනට් මණ්ඩල තීරණය අනුව සංවෘත සේවා බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නොවැම්බර් මස 20 වැනිදා වන විට නිකුත් කළ යුතු වුව ද මෙතෙක් එම ගැසට් නිවේදනය නිකුත් කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අතර ආන්දෝලනයක් හට ගෙන ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් ‘ප්‍රධාන පුවත්පතකට ඊයේ (02 වැනිදා) පැවසීය.

ගැසට් නිවේදනය නිකුත් කරනු වෙනුවට සංවෘත සේවාවක් බවට පත් කිරීමේ තීරණය පිළිබඳ අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගේ මතය විමසීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බවත් එසේ කිරීමේ අවශ්‍යතාව වන්නේ සංවෘත සේවා බවට පත් කිරීමේ ක්‍රියාවලිය කල් දැමීම බවත් ඒ මහතා කීවේය.

මේ අතර අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (2) පැවැසීය.

ගුරුවරුන් සියයකට වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේම අනුරාධපුරයේ නගර සහ ගම්මාන ආශ්‍රිතව වෙනදාට වැඩියෙන් කොරෝනා රෝගීන් වාර්තාවෙමින් තිබෙන බව පැවසූ බණ්ඩාර මහතා අනුරාධපුර නගරය ආශ්‍රිතව සිවු දෙනකු කොරෝනා වැළඳීමෙන් ඊයේ දිනයේදී පමණක් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha