ගුරුවරුන්ගේ විශ්‍රාම ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා කී දේ..

Ministry of Education A D Susil Premajayantha
By krishani Jan 03, 2023 02:51 AM GMT
krishani

krishani

Report

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත් අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බවත් එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha