සහල් සහ සීනි මිල සංශෝධනයක් - රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් (VIDEO)

By Sewvandhi Sep 01, 2021 11:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හෙට (02) සිට සීනි සහ සහල් සඳහා මිල පාලනයක් හඳුන්වාදීමට රජය කටයුතු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසුවේ මීට සුළු මොහොතකට පෙර පැවති මාධ්‍ය හමුවකදීය.  

මේ අතර,අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කර, හාල් කිලෝව රු.97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද ( 01 ) කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා දැනට නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන සීනි කිලෝව රු.130ට අඩුවෙන් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි රසායනික ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha