"බර කිලෝ 90යි.." - හැමෝම ආසාවෙන් කන තලපත් මාළුවා ගැන නොදන්න කතා..(PHOTOS)

By Sewvandhi Nov 18, 2021 01:05 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගොඩක් දෙනා තලපත් මාළු කාලා තිබ්බට තලපත් මාළුවෙක් දැකලා නැහැ නේ.මොකද මේ මත්ස්‍යයන් ගොඩක් විශාලයි.සාමාන්‍යයෙන් 90kg තරම් බර සහ 3m පමණ වැඩෙනවා.ඉතිං මේ මාළු වෙලඳපොලට එන්නේ කොටස් කිරීමෙන් පසුව නිසා ගොඩක් අය මේ සුන්දර මත්ස්‍යයාව දැකලා නැහැ. මෙහෙමයි මෙයාලගේ විස්තර.තලපතා එහෙම නැත්තං සේල් ෆිෂ් විශේෂ දෙකක් ලොව වාසය කරනවා කියලා සමහර විද්‍යාඥයන් විශ්වාස කලත් ⁣සාමාන්‍යයෙන් පිලිගත් මතය වන්නේ ⁣මේ එකම විශේෂයක් බවයි.එම විශේෂය විද්‍යාත්මකව Istiophorus platypterus ලෙස හඳුන්වනවා.

මේ අය සාමාන්‍යයෙන් ලොව පුරා ගැඹුරැ මුහුදුවල වාසය කරනවා.සාමාන්‍ය වයස අවුරැදු 7ක් පමන ජීවත් වනවා. බාහිර රෑපය සැලකීමේදී මේ අය ගේ මුව දිගු තියුණු හොටක ස්වභාවයක් ගන්නවා. මෙහිදී යටි හණුව දිගින් අඩු වන අතර උඩු හණුව දිගින් ගොඩක් ඉහලයි.සේල් ෆිෂ් ලගේ පෘශ්ඨිය වරල ඉතාමත් විශාල රැවලක ස්වභාවයක් ගන්නා අතර එය කැපීපෙනෙනවා.මෙම රැවලක් වැනි වරල නිසාමයි මේ අයට සේල් ෆිෂ් කියන නම ලැබිලා තියෙන්නේ.ඉංග්‍රීසියෙන් සේල්(sail) කියන්නේ රැවල කියන අදහස දෙන්න නේ.වර්ණය ගත්තම පෘශ්ඨිය පෙදෙස තද නිල් කළු පැහැයක් ගන්නා අතර උදරීය පෙදෙස රිදී පැහැයක් ගන්නවා.

ශරීරය දිගට සිරස් ඉරි වැටී තිබෙනවා.මෙයට අමතරව ඉතාමත්ම සුන්දර මත්ස්‍යයෙකු ලෙස හඳුන්වන්න පුලුවන්. තවත් විශේෂ කාරණා කිහිපයක්ම තියනවා මේ අයගැන.⁣මුහුදේ ජීවත්වන වේගවත්ම සත්වයා මේයා කියලා තමයි බොහෝ දෙනා විශ්වාස කරන්නේ.ඒ වේගය 110 km/h විතර වෙනවා කියලයි විශ්වාස කරන්නේ.⁣මෙයාලා පීනනකොට ගුවනට පනිමින් මුහුදෙ දකින්න පුලුවන් හරිම සුන්දර දර්ශන වලින් එකක් නිරිමාණය කරනවා.(වෙලාවක් තියනවා නම් වීඩියෝ එකක් හොයන් බලන්න. පාඩුවක් වෙන එකක් නැහැ).

මේ අය රංචු විදිහට තමයි ගැවසෙන්නේ සහ දඩයම් කරන්නේ.මෙතනදිත් හරි අපූරැ උපක්‍රමයක් මේ අය උපයෝගී කරගන්නවා.ඒ තමයි වීශාල රැවලක් වගේ තියන ෂෘශ්ඨීය වරල භාදකයක් විදිහට පාවිච්චි කරලා කුඩා මත්ස්‍ය රංචු කොටුකරගන්න එක.අන්න එහෙමයි මේ අය එයාලට ස්වභාවයෙන්ම ලැබුන විශ්මිත වරල ප්‍රයෝජනයට ගන්නේ. ඒ වගේම තමයි මේ අය තමංගේ විලෝපික සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නත් හරි අපූරැ ආයුධයක් භාවිතා කරනවා.

ඒ තමයි තමංගේ තියුණු හොටක් වගේ මුව හෙල්ලයක් විදිහට යොදවාගෙන සතුරන් විනිවිද යැවීම.ඉතිං සතුරෙකුගේ වාසනාව නැති දවසක නම් මේ අයගේ ආහාරය වෙලා තමයි නතරවෙන්න සිද්දවෙන්නේ. සේල් ෆිෂ්ලා බොහොම ජවසම්පන්න වගේම සටන්කාමී මත්ස්‍යයන්.මේ කරැණ නිසාම විනෝදය පිනිස මසුන් අල්ලන්ණන් අතර බොහොම ජනප්‍රිය මත්ස්‍යයෙක්.ඒත් ඉතිං ⁣සෙල් ෆිෂ් කෙ⁣නෙක් බිලීබානවා කියන්නේ අතිශය අවධානම් වගේම ඉතාම වෙහෙසකර කටයුත්තක්.

මොකද මෙයාලගේ ජවය සහ සටන්කාමීබව එක්ක මිනිහෙක් සමාන කරන්න බැහැ.බිලීකටුවක පැටලුණු සේල් ෆිෂ් කෙනෙක් වතුරේ පීනන එකට අමතරව ගුවන් සන්දර්ශන පවා පවත්වන්නේ ඒ අය ලේසියෙන් පරාජය බාර නොගන්නා බව සහතික කරන්ණත් එක්කම තමයි.

මේ අයගේ සංරක්ශිත තත්වය දැක්වෙන්නේ අවම සැලකිල්ලක් (LC) දක්වන ලෙසයි.ඒ කියන්නේ මාලින් (කොප්පරා මසුන්)වර්ගයේ හොටවල් දරණ මසුන්ට තියනවා වගේ මේ අයට වඳවීමේ තර්ජනයක් නැහැ. කොහොම උනත් ඕගොල්ලෝ රස කරලා කන තලපත් මාළු ස්ටූ එකක්, ඇඹුල්තියල් එකක් පිටිපස්සෙම ගොඩාක් සුන්දර වගේම සටන්කාමී මත්ස්‍යයෙක් ඉන්න බව හොඳට මතක තියාගන්න.

උපුටා ගැනීමකි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGallery