මල්ලි වෙනුවෙන් විභාගය ලියූ අයියා නිසා දෙන්නටම වැඩ වරදියි..

Srilanka Freedom Party G.C.E. (O/L) Examination Education
By Sithumi Jun 08, 2023 06:01 PM GMT
Sithumi

Sithumi

Report

සිය සොහොයුරා වෙනුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 සිදුවීම වාර්තාවන්නේ දෙනියාය ප්‍රදේශයෙනි. සැකකාර තරුණයා දෙනියාය පල්ලේගම මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී සිය සොහොයුරා වෙනුවෙන් මෙලෙස විභාගයට පෙනී සිට තිබෙනවා. 

 විභාග ශාලාධිපතිවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙනියාය එනසල්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දෙනියාය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha