විශේෂ පොලිස් මෙහෙයුමක් - 660ක් අත්අඩංගුවට

Report

ඊයේ (13) දිනයේ දී දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් සැකකරුවන් 660දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසන්නේ ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 30,515 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඉන් සැකපිට 660 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයින් ගණන 18 ක් වන අතර වරෙන්තුකරුවන් 301ක් මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

ගෝඨාභය රාජපක්ෂට ලොකු ප්‍රශ්ණයක්

බීමත් රියදුරන් 31 දෙනෙකු හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4287 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.  

Gallery