රටම නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය දෙය.. පොහොට්ටුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ය.
ඒ අනුව එය, අනිද්දා (02) එළිදැක්වීමට නියමිතව තිබෙනවා.
ඒ උදෑසන 10.00 ට කොළඹ පෞද්ගලික හෝටලයක දී බව සඳහන් වන්නේ.
මේ අතර, 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා ඇප මුදල් භාර ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන්ව ඇත්තේ ඇත්තේ පසුගිය 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වුව ද ඊයේ (30) දින දක්වා කිසිදු කණ්ඩායමක් හෝ පක්ෂයක් ඇප මුදල් තැන්පත් කර නොමැති බව ය.
ඇප මුදල් භාර ගැනීම සැප්තැම්බර් 11 දින මධ්‍යහන 12 දක්වා සිදු කිරීමට ද නියමිතව ඇත.
ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීමේ නිවේදනය පසුගිය 26 දින ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තේරිම්භාර නිලධාරියා විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරිණ.