ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වනු ලබන සියලුම දේශීය තරග හදිසියේම අත්හිටුවයි.
Sri Lanka Cricket
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන සියලුම දේශීය තරඟාවලි වහාම නතර කිරීමට තීරණය කර තිබෙනවා.
මෙයට දැනට පැවැත්වෙන ප්‍රධාන සමාජ 3-දින තරඟාවලිය සහ ආරාධිත සමාජ මට්ටම් 'B' 3-දින තරඟාවලියද ඇතුළත්.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටු තීන්දුවක් අනුමත කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් 2023 අගෝස්තු 25 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිත උපදෙසක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ලැබෙන තුරු අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇත.
