අගෝස්තු 01 වන දා සිට කරන්න හදන දේ මෙන්න.

Sri Lanka Bus Dilum amunugama
By Aruna Jul 23, 2021 05:39 AM GMT
Aruna

Aruna

Report

අන්තර් පළාත් බස් හා දුම්රිය සේවා අගෝස්තු 01 සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මේ අතර සති අන්තයේ දින කිහිපයක නිවාඩුවක් යෙදී තිබුණත් සංචරණ සීමා අලුතින් පැනවීමට තීරණයක් ගෙන නැතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කෙසේ වුවද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන බව ද හෙතෙම සඳහන් කළේය.

“විශාල කොවිඩ් පොකුරු වාර්තා වූ 03 වන කොවිඩ් රැල්ල ආරම්භ වුනේ අලුත් අවුරුදු සමයේ දී ජනතාව වගකීම් විරහිත ලෙස කටයුතු කිරිම නිසයි.

ඒ නිසා අපි ජනතාවට නැවත වරක් මතක් කර දෙනවා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා.

ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවල පවත්වනු ලබන විවාහ මංගල උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු සතුටුදායක නැහැ.

අවසරය ලබාදී ඇති සීමාව ගැන තැකීමක් නොකොට මංගල උත්සව පවත්වන බවට තොරතුරු වාර්තා වනවා.

ඉදිරියේදී මේ අයුරින් කටයුතු කලොත් “මගුල් පොකුරු” ඇතිවීමෙහි අවදානමක් තිබෙනවා. ” යැයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.

රටපුරා කොවිඩ් ආසාදිතයන් විසිදාහක් පමණ ප්‍රතිකාර ලබන සහ අසාදිතයන් දිනකට 1500 කට අඩු සංඛ්‍යාවක් වාර්තා වෙමින් තිබෙන තත්වයක් යටතේ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ යුද හමුදාපතිවරයා එසේ කටයුතු නොකළහොත් අවදානමක් මතුවිය හැකි බවද පෙන්වා දුන්නේය.

රට පුරා දැනට හුදෙකලා කර ඇත්තේ ප්‍රදේශ සීමිත සංඛ්‍යාවක් පමණක් බවත් එන්නත්කරණ වැඩපිළිවෙළද රට පුරා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

කොවිඩ් වැළඳී මිය ගිය පිරික්සන් වැඩි දෙනකු එන්නත් ලබානොගත් අය බවද ඔහු ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now