සුරූපී ඊශ්‍රායල් තරුණියට සැප දෙන්න ගිය චන්දිමාල්ට වැඩ වරදීයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka
By Aruna Aug 31, 2023 03:16 AM GMT
Aruna

Aruna

Report

සම්බාහන මධ්‍යස්ථානයකට ගිය ඊශ්‍රායල් ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොතුවිල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

සංචාරයක් සඳහා පැමිණ ඇති මෙම විදේශීය කාන්තාව උල්ල සංචාරක කලාපයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලීසිය ප්‍රකාශ කළේ, අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි චන්දිමාල් නැමැති අයෙකු බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ReeCha