ගුරු - විදුහල්පති වැටුප් ගැටලුවට විසඳුම

TEACHERS STARLIN BASIL RAJAPAKSHA BADGET
By Sewvandhi Nov 12, 2021 01:38 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවය දුරු කිරීම සඳහා වු යෝජනාව ද මෙවර අයවැය ට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව ගුරු - විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතා ඉවතර කරන ලෙස ඉල්ලා දියත් කර තිබු වෘත්තීය සමිති උද්ඝෝෂණ අවසන් කර,

2021.08.30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තවත් රුපියල් මිලියන 30,000ක් වැටුප් ලෙස ඇතුළත් කිරීමට යෝජනා කර තිබේ.

එය ගුරු හා විදුහල්පති වැටුප් සඳහා දැනට දරනු ලබන රුපියල් මිලියන 109,000ක් වු මුදලට අමතරව ය. මේ අතර උපාධිධාරීන් ස්ථීර කිරීම වෙනුවෙන් අභ්‍යාසලාභීන් ලෙස රජයට බඳවා ගෙන ඇති 53,000ට අධික උපාධිධාරීන් 2022 වසරේ ජනවාරි මස සිට ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීමට කටයුතු කෙරේ.

ඒ සඳහා රුපියල් මිලියන 27,600ක් පමණ වැය වෙතැයි අපේක්ෂිතය. දැනට වෙන්කර ඇති රුපියල් මිලියන 20,000ට අමතරව තවත් මිලියන 7,600ක් ඒ සඳහා වෙන් කෙරේ.

-------------------------------------------------------

මෙතෙක් නොදුටු දැවැන්ත ගුරු උද්ඝෝෂණය-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

  

ReeCha