අද මෙරටට ලැබුණු එන්නත් මිලියන 02ක දිස්ත්‍රික්ක අතර බෙදන්නෙ මෙහෙමයි...

Covid Colombo Galle Vaccines Mathara
By Aruna Jul 22, 2021 03:38 AM GMT
Aruna

Aruna

Report

අද අලුයම චීනයේ නිෂ්පාදිත “සයිනොෆාම්” එන්නත් තවත් මාත්‍රා මිලියන 02ක තොගයක් මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට මේ දක්වා ලැබී ඇති සමස්ත “සයිනොෆාම්” එන්නත් මාත්‍රා ගණන මිලියන 9.1ක්.

අද දිනයේ මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයෙන් මාත්‍රා ලක්ෂ 4ක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවටත් මාත්‍රා 275,000ක් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවටත් ලබා දීමට නියමිතයි.

  එමෙන් ම මාතර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 2 බැගින් ද පුත්තලම, පොළොන්නරුව, නුවරඑළිය, මොනරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා ලක්ෂය බැගින් ද හම්බන්තොට දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 125,000ක් ද බෙදා හැරීමට සැලසුම් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now