පාසල් ගුරුවරුන්ට විශේෂ පුහුණුවක්.

Sri Lanka
By krishani Dec 21, 2022 07:51 AM GMT
krishani

krishani

Report

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 200ක ගුරුවරුන් 200ක් මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඉදිරි දින 3 ඇතුළත පුහුණු කරන බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සෙවීමට දරුවන්ගේ බෑග් පරික්ෂා කිරීමේ දී කුතුහලය ඔස්සේ ඔවුන් ඒවාට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා කොළඹ දී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කෙසේවෙතත් ඔහු කියා සිටියේ පොලිස් නිලධාරින් ලවා දරුවන්ගේ බෑග් පරීක්ෂා කිරීමට තම සංගමය තරයේ විරුද්ධ වන බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join



ReeCha