පාසල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තීරණයක් ගන්න යයි.
පාසල්වල පහසුකම් හා සේවා ගාස්තු අය කිරීම නැවැත්වීමසම්බන්ධයෙන් තමා මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ කාරණය ගැන පෙන්වා දීම ගැන විපක්ෂනායකවරයාට තමා ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රශ්නය මතු කරමින් රටේ බොහෝ පාසල් පහසුකම් හා සේවා ගාස්තු අය කිරීමට පටන් ගෙන ඇති හෙයින් රටේ ලොකු ආර්ථික ප්‍රශ්නයක් පවතින අවස්ථාවක මවුපියන් මත මේ ආකාරයට බර පැටවීම අසාධාරණ බව ප්‍රකාශ කළේය.
සමහර පාසල් පහසුකම් ගාස්තු සහ සේවා ගාස්තු සමග දරුවන් රැගෙන එන ලෙස දැනුම් දී ඇතැයිද ඔහු සඳහන් කළේය.
දරුවන්ගෙන් මෙලෙස මුදල් අයකිරීම කන්නන්ගර ප්‍රතිපත්තියට එකඟ දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මෙලෙස මුදල් අයකිරීම අය කිරීම නවත්වන ලෙස දැනුම් දෙමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි තමා අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
