පාසල් පෙළපොත් බෙදාහැරීම ගැන දැනුම්දීමක්..

Ministry of Education A D Susil Premajayantha Sri Lanka Sri Lankan Schools
By Sewvandhi Feb 15, 2023 04:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන අද (15) සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දීයි.

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළ ව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කළා.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGallery
ReeCha