සියලු පාසල් සම්බන්ධයෙන් ගත් තීරණයක් හදිසියේම වෙනස් කරයි..සෙනසුරාදත් ස්කෝලෙ යන්න වෙයි...

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Aruna Oct 20, 2022 11:04 PM GMT
Aruna

Aruna

Report
155 Shares

ඇමතිගෙන් ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් ඊයේ (20) අත්හිටුවා තිබෙනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවකදී ලබාදුන් උපදෙස් අනුව එම තීරණය ගෙන තිබේ.

බිල්පත් නොගෙවීම හේතුකොට ගෙන කිසිඳු පාසලක ජල සැපයුම විසන්ධි නොකරන බවත් පාසල්වල ජලබිල්පත් ගෙවීම සඳහා වැඩපිළිවෙළක් සකස්කරන බවද ඇමැතිවරයා පැවසීය.

මේ අතර දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now



ReeCha