දිවයින පුරා සියලුම පාසල් වල අනෙකුත් ශ්‍රේණි ආරම්භ කරන දිනය දැනුම් දෙයි.

Education School opening Dinesh gunawardhane
By Aruna Nov 15, 2021 05:20 AM GMT
Aruna

Aruna

Report

පාසල් වල දැනට ආරම්භ කර නොමැති අනෙකුත් ශ්‍රේණි ලබන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර මෙවර ජාතික විභාගවලට අදාළ ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී විෂය නිර්දේශයන්හි ඇතුළත් ඒකක කිසිවක් අඩු කිරීමක් සිදු නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාඊයේ (14 වැනිදා) පැවසීය.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ මෙවර ප්‍රශ්න පත්‍ර සැකසීමේ දී විෂය ඒකක අඩු වීමක් සිදු කෙරෙන බවට පැතිර යන ප්‍රචාරය සම්බන්ධයෙන් අප කළ විමසුමක දී ය.

පැවැති වසංගත තත්ත්වය මත මෙවර විභාගවල දී විෂය ඒකක අඩු කිරීමට නියමිත බවට ඇතැම් රජයේ පාසල්වල මෙන් ම පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරු ද දරුවන්ට මේ වන විට දැනුම් දී ඇත.

ඇතැම් ගුරුවරු ප්‍රකාශ කර ඇත්තේ සංකීර්ණ විෂය ඒකක අඩු කිරීමට නියමිත බව ය.

එහෙත් තවත් ගුරුවරු පවසා තිබෙන්නේ පහසු විෂය ඒකක ඉවත් කිරීමට නියමිත බව ය.

මෙම තත්ත්වය මත මෙවර විභාගවලට පෙනී සිටින දරුවෝ දැඩි කුතුහලයකට පත්ව සිටිති. විභාගවලට පෙනී සිටීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී තිබෙන හෙයින් විෂය ඒකක අඩු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ලේකම්වරයා කීවේය.

ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මස 22 වැනිදා පැවැත්වීමට නියමිත අතර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ කෙරේ.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කෙරෙන්නේ මැයි මස 23 වැනිදා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha