ප්‍රභලයකු පාසල් යලිත් වසා දමන්න එපා කියයි..තීරණය මෙන්න..

By Sewvandhi Nov 27, 2021 02:10 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාසල් යලි වසා නො දමන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා. කෑගල්ලේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි උන්වහන්සේ මෙම අදහස් පළ කළේ.

දෙසැම්බර් මස 23,24,25 සහ 26 යන දිනවල දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම නත්තල වෙනුවෙන් දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වන බව සඳහන්.

දෙසැම්බර් 27 වනදා පාසල් යළි ආරම්භ වනු ඇති.

අතර,පාසලක් වෙත පිවිසීමට ඇති මාර්ගයක් බලධාරීන් විසින් පිළිසකර කරනොදීම හේතුවෙන් ගුරුවරුන් සහ සිසුන් එම මාර්ගය සකස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ ආනමඩුව ඇතුන්ගොඩ ඉසිපතන ප්‍රාථමික විද්‍යාලයට පැමිණීමට ඇති උස්බිම් ඇතුන්ගොඩ මාර්ගයයි.

අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කර තිබුණත් නිසි ලෙස පිළිසකර කරදීමට බලධාරීන් අපොහොසත් වීම නිසා පාසලේ ගුරුවරුන් හා සිසුන් එක්ව එම මාර්ගය පිළිසකර කිරීමට මෙලෙස කටයුතු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගුරුවරුන් කියා සිටියේ, "ගුරුවරියක් දෙසැරයක්ම වැටුණා මේ වළේ. වැසඳුමක් දෙන්න කෙනෙක් නෑ. උගන්වන කාලයේ තමයි දරුවෝ මේ වැඩ කරන්නේ."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

ReeCha