සියලුම පාසල් දරුවන්ට විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Sri Lanka
By Aruna Dec 12, 2022 01:58 AM GMT
Aruna

Aruna

Report
185 Shares

පාසල් අද සිට විවෘත කළ ද පවතින කාලගුණික වෙනස්කම් හේතුවෙන් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණය පැළදීම යෝග්‍ය බව සෞඛ්‍ය අංශ පවසනවා.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, මේ දිනවල ශ්වසන රෝග සහ වෛරස් රෝග පැතිරීමේ අවධානමක් පවතින බැවින් පාසල් දරුවන් තවදුරටත් මුඛ ආවරණ පැළදීම හිතකර බවයි.

"මේ දිනවල පවතින සීතල තත්ත්වයත්, දූවිලි තත්ත්වයත් දෙකම නිසා ළමයින්ට වෛරස් උණ රෝග පැතිරීමේ අවධානම තියෙනවා.

ඒ නිසා තව දින කිහිපයක් හෝ සති කිහිපයක් හෝ මේ සීතල තියෙන කල් ළමුන්ට මුව ආවරණ දාගෙන පාසල් යන්න පුළුවන් නම් හොඳයි.

මොකද ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග මේ දිනවල බහුලයි.

ඒ නිසා පාසල්වල, ඩේකෙයාර්වල පහසුවෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්.

ළමුන්ට කැස්ස, හෙම්බිරිසාව තියෙනවා නම් ගෙදර තියා ගන්න.

පාසල් යන ළමුන් පුළුවන් නම් මුව ආවරණ භාවිත කිරීම වඩාත් හොඳයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha