සමගි ජන බලවේග රජයක් යටතේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ටද වැටුප් හා වරප්‍රසාද...
සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ආදී වරප්‍රසාද රාජ්‍ය සේවකයන්ට ලබා දෙන විට ඒවා ද සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරන ලදී.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (24) දෙහිඅත්තකණ්ඩිය නගරයේ දී පැවැත් ජන හමුවකට එක්වු අවස්ථාවේ
වත්මන් රජය රට දැය ආරක්ෂා කළ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයේ නිලධාරීන් බොහෝ දෙනකු ගෙදර යවන්න කටයුතු කළ අවස්ථාවේ මේ ක්ෂේත්‍රය රැක ගන්න ආරක්ෂා කරන්න ශක්තිය ලබා දෙන්න පාර්ලිමේන්තුවේ නගන්න පුළුවන් ඉහළම හඬ නගලා සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය රැක ගත්තේ සමගි ජන බලවේගය බව ඔහු කියා සිටින ලදී.
විපක්ෂනායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් ආදී වරප්‍රසාද රාජ්‍ය සේවකයන්ට ලබා දෙන විට ඒවා ද සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට ලැබෙන බවයි.
එසේම ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්න සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්ට මීට වඩා වැඩි මුදලක් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ඊට අමතර ව උසස්වීම් ක්‍රමවෙදයන්, සංයුක්ත දීමනා, ආබාධිත සිවිල් ආරක්ෂක නිලධාරීන්ට සහන ආදිය ලබා දෙන බවත් අසාධාරණ හේතු මත සේවයෙන් ඉවත් කළ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට නැවත රැකියාව ලබා දෙන බව ද ප්‍රකාශ කළහ.
එමෙන්ම මෑත කාලයේ බිහි වූ කිසිදු ජනාධිපතිවරයකුට උතුරු නැගෙනහිර වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන්න බැරි වුවත් තමා ජනාධිපති වූ පසු යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර පළාත් වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවා එම ආධාරක සමුළුව තුළින් සෙසු පළාත් 7ටත් ශක්තිය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියේය.