විපක්ෂ නායක සජිත් සමග බදියුදීන් අත්සන් තැබූ ගිවිසුම - මොනවද ඉල්ලූවේ..?
අද (15) ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා ගිවිසුමකට අත්සන් තැබීය.
අද දහවල් රිෂාඩ් බදියුදීන් මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලකදී අදාළ ගිවිසුමට අත්සන් තබා ඇත.
ඊයේ (14) මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කරන බවය.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වී එම තීරණය ගත් බවද ඔහු එහිදී පවසා තිබුණි.
මේ අතර රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය ඔස්සේ පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබුණි.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට තීරණය කළ බව වාර්තා විය.