කාන්තාවකගේ මොළයෙන් හමු වූ වට පණුවා. (VIDEO)
ඔස්ට්‍රේලියානු කාන්තාවකගේ මොළය තුළ සිටි අඟල් 3ක් පමණ දිග පණුවෙක් ඉවත් කිරීමට එරට වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ, මිනිස් මොළයක සිටියදී පණ පිටින් පණුවෙකු හමුවූ පළමු අවස්ථාව මෙය විය හැකි බවයි.
මෙම පණුවා හමු වී ඇත්තේ, එම කාන්තාවගේ හානියට පත්වී තිබු මොළයේ ඉදිරි කොටසේ ශල්‍ය කර්මයක් අතරතුරදී පටක අතර සිටියදීයි.
වෛද්‍යවරු අනුමාන කරන්නනේ, රක්ත වර්ණ එම පරපෝෂිතයා එම කාන්තාවගේ මොළයේ මාස දෙකක් පමණ කාලයක් සිටින්නට ඇති බවයි.
මේ අතර එම කාන්තාවගේ ශල්‍යකර්මයට එක්වී සිටි වෛද්‍ය සංජය සේනානායක පැවසුවේ ශල්‍යාගාරයේ සිටි සියලුම දෙනා තමන් දුටු දෙයින් පුදුමයට පත්වූ බවයි.
එම පණුව "Ophidascaris robertsi" නම් වට පණුවෙකි. විෂ රහිත සර්පයෙක් වන "carpet pythons" තුළ එම වට පණුවා හමුවන අතර මෙම සර්පයා ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලින් හමුවන බව සඳහන්.
අදාල කාන්තාවගේ සෞඛ්‍ය පිරිහීම හේතුවෙන් රෝහල්ගත කර තිබූ අතර එහිදී සිදුකළ පරීක්ෂණයකදී මොළයේ අසාමාන්‍ය තත්ත්වයක් දැක ශල්‍යකර්මය සිදුකිරීමට වෛද්‍යවරු තීරණය කරනු ලැබුවා.
එහිදී මෙම වට පණුවා සොයා ගැනුණු අතර කාන්තාව මේ වනවිට සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
