චෝදනා ප‍්‍රමාණවත්.. බදියුදීන් පවුලම වසර 2-10ත් අතර හිරේ ද ?

By Wasantha Jul 24, 2021 03:53 AM GMT
Wasantha

Wasantha

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ රඳවා තබාගෙන මෙහෙකාර සේවයේ යෙද වූ බාල වයස්කාර දැරිය කායික සහ මානසික කෲරත්වයක යෙදවූ බව හෙළිවී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ වරදකරුවනට වසර 2-10 අතර සිර දඬුවම් ලබාදීමට එම චෝදනාව වුවද ප්‍රමාණවත් බවය. දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඔවුනට මෙම සිරදඬුවම් නියම කළ හැකි බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම දරුවකු විකිණීම සහ මිලදී ගැනීම ද වසර 20ක සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් පවසන ඔහු දැරියගේ මව විසින් යම්කිසි ණය මුදලක් පියවා ගැනීමට තැරැව්කරුවකු හරහා දැරිය විකිණීමක් කර ඇති බවත් පෙනී යන බවද කීය.