විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන් විශේෂිත ඉල්ලීමක්..තීරණය කුමක්ද..?

By Sewvandhi Dec 04, 2021 05:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ලබන වසරේ අයවැය මගින් කළ යෝජනාව සම්බන්ධයෙන් සයවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය එසේ දන්වා තිබේ.

වර්තමාන විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 55 න් ඔබ්බට දීර්ඝ නොකිරීම, ජාතික විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවා රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු අනත්දරු වැටුප් දායක මුදල් එම අරමුදලට යොමු කිරීම, අනිවාර්ය විශ්‍රාම යාමේ වයස විධිමත් වැඩපිළිවෙළකට අනුව පමණක් කිරීම සහ දැනට පවතින උපරිම වයස් සීමාව අවුරුදු 62 දක්වා තෝරාගත් සේවකයන් සඳහා පමණක් දීර්ඝ කිරීම එම යෝජනාවට ඇතුළත් වේ.

අනිවාර්ය විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට සමගාමීව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම, රාජ්‍ය අංශය තුළ ලබාදී ඇති සියලුම සේවා දීර්ඝ කිරීම් වාහාම අවලංගු කිරීම සහ රාජ්‍ය සේවකයන්ට කිසියම් නිෂ්චිත කාලයක් සඳහා විදේශ සේවයේ, පුද්ගලික අංශයේ සේවයේ සහ වෙනත් සුදුසු ව්‍යවසායක නියැලීමට වැටුප් රහිත නිවාඩු ලබාදීම සහ එම වැටුප් රහිත සේවා කාලය නිලධාරියාගේ විශ්‍රාම වැටුප් ගණනයට අදාල කරගත හැකි වන පරිදි සුදුසු ක්‍රමවේදයක් හදුන්වාදීම යන කරුණු එම යෝජනාවලියේ සෙසු යෝජනා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW