රන්ටැඹේ - මහියංගන සම්ප්‍රේෂණ පද්ධතිය යථා තත්ත්වයට

Report

අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ රන්ටැඹේ–මහියංගනය 132 කිලෝවොට් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇත.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, ඊයේ පස්වරු 5.30ට පමණ මෙම ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ  කාර්යභාරය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වී ඇති බවයි.

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න

දෙවියනේ ඉස්සර මිනිස්සු කියපු දේ ඇත්ත - ශ්‍රී පාදේ නාය ගිය පසු මතුවුණු අමුතුම දේ මෙන්න

මෙයින් මහියංගනයටත්, නැගෙනහිර පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලටත් යළි විදුලි සැපයුම සම්පූර්ණයෙන් ලබාදීම සිදු වී තිබේ.

ඉදිරියට, අයහපත් කාලගුණය හේතුවෙන් සම්ප්‍රේෂණ රැහැන් හා පද්ධතිවලට සිදුවූ හානිය නිසා බිඳවැටීම්  වූ  ප්‍රදේශ රැසක විදුලි සැපයුමද අඛණ්ඩව ලබාදීමට සුදානම්  බව විදුලි බල මණ්ඩලය පවසා ඇත.

නායයෑම් අනතුරක් - වහාම මේ ප්‍රදේශ වලින් ජනතාව ඉවත්කරයි

නායයෑම් අනතුරක් - වහාම මේ ප්‍රදේශ වලින් ජනතාව ඉවත්කරයි