රන්ජන් රාමනායක නිදහස්..

Ranjan Ramanayake Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna Aug 14, 2022 04:17 AM GMT
Aruna

Aruna

Report
145 Shares

බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට එළැඹෙන සතිය තුළදී නිශ්චිත වශයෙන්ම නිදහස ලැබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කනගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණය වෙත රාමනායක මහතා විසින් ලබාදීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියා.

එළැඹෙන සතියේ දිනක රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවද ආරංචි මාර්ග පවසයි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාවක් ලබාගත් බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පසුගියදා මාධ්‍ය හමුවේ කියා තිබිණි.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තමන් නිර්දේශයක් ඉදිරිපත් කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.

රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම ඉතාම සාධාරණ බවද මාධ්‍ය හමුවේ රාජපක්‍ෂ මහතා කියා තිබිණි.

මේ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රධාන පුවත්පතකට කියා සිටියේ, රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට පියවර ගැනීම ඉතා හොඳ ක්‍රියාවක් බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ රන්ජන් රාමනායක මහතා ඉකුත් 2021 වර්ෂයේ ජනවාරි මාසයේ 12 වැනිදා බන්ධනාගාර ගත කළ අතර පසුගිය 12 වැනිදා වනවිට ඒ මහතා වසරකුත් මාස 7ක කාලයක් දඬුවම් විඳිමින් සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now