බස් ගැමුණු ඇතුළු වැදගත්ම සංගම් දහයක් රනිල් හා එක්වෙයි - ඒ පිරිස මෙන්න..
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීම සදහා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ඇතුළු ප්‍රවාහන සංගම් 10ක් එක්ව තිබේ.
මේ බව ඔවුන් දැනුම් දී ඇත්තේ, කොළඹ මල් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුවයි.
නැවත ඉන්ධන පෝලිම් තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසූ ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඉන්ධන හිඟය හමුවේ තම ප්‍රවාහන කටයුතු පවත්වාගත නොහැකිව මුහුණදුන් අසීරුතා අමතක නොමැති බවද පැවසීය.
එම සංගම් එහිදී පැවසුවේ, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථිකය ගොඩ ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කල ආකාරය අගය කරන බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම් මෙසේ ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.