පුෂ්පිකාගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරිට කල් යයි
කොළඹ නෙළුම් පොකුණ මහා රංගන ශාලාවේදී 2021 අප්‍රේල් 4 වැනිදා පැවැත්වූ මිස් ස්‍රී ලංකා තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට ශ්‍රෝණි තුවාල සිදුකළ බවට චෝදනා එල්ල වූ සිද්ධිය සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝධිරාගම මහතා ජනවාරි 19 වැනිදා යළි කැඳවීමට නියම කර ඇත.
එදිනට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි කැඳවීමට නියමිත බවයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළේ, සිද්ධියට අදාළ එක් විත්තිකරුවෙකු විසින් අද අධිකරණයේදී සාක්ෂි ලබා දීම සිදු කළා.
සිද්ධියට අදාළ වැඩිදුරටත් සාක්ෂි විභාගය මීළඟ නඩු දිනයේදී සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.