හෙට දින සුරාසැල් සහ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය..

Power cut Sri Lanka Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 23, 2022 05:55 AM GMT
krishani

krishani

Report

දීපවාලි උත්සවය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම මත්පැන් අලෙවිසැල් හෙට (24) දින වසා තැබේ.

මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හැර බදුල්ල දිස්ත්‍රික්කයේ සුරාසැල් ද හෙට දිනයේ වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ ය.

කොමසාරිස්වරයා පැවසුවේ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවය.

මේ අතර හෙට දිනයේ නියමිත විදුලි කප්පාදුව ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ දීපවාලි උත්සවය නිසා ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha