පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන සැමරුම අදයි..
STF
Sri Lanka
By Hashini
පොලිස් විශේෂ කාර්ය බලකායේ 39 වන රණවිරු ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.
කටුකුරුන්ද පුහුණු පාසලේ රණවිරු ස්මාරකය අභියස එහි ප්‍රධාන සැමරුම පැවැත්වෙන බව එම බලකාය සඳහන් කරනවා.
විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 464 දෙනෙකු, කම්කරුවන් 6 දෙනෙකු යුද්ධය හේතුවෙන් ජිවිතක්ෂයට පත්වුණ අතර ආබාධිත් තත්වයට පත්ව ඇති නිලධාරින් සංඛ්‍යාව 744කි.
අනුරාධපුර,කතරගම,අම්පාර යන කඳවුරු තුළ පිහිටි රණවිරු ස්මාරක අභියසද සැමරුම් සංවිධානය කර තිබෙනවා.
මියගිය රණවිරුවන් හා ආබාධිත රණවිරුවන් සිහිකර මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස දානමය පුන්‍යකර්මයක් ලබන 5 වනදා පැවැත්වෙන බවද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
