මරණීය දණ්ඩනය හිමි වරදක් වන, අයිස් සොයා STF කළ මෙහෙයුම.. (VIDEO/PHOTOS)

Sri Lanka Police STF
By krishani Dec 03, 2022 05:59 AM GMT
krishani

krishani

Report

මරණ දඩුවමට ලක්වන වරදක් වු අයිස් විෂ මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් රාගම දී පොලිස් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (02) රාගම පොලිස් වසමේ ස්ථාන දෙකකදී කළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ වැටලීම් මගින්, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 510 ක් හා විකිණීමෙන් උපයාගත් මුදල් යැයි සැක කලහැකි රුපියල් 14,000.00 ක මුදලක් හමු වී ඇත.

රාගම ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 29 ක පුද්ගලයා සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි, මිලි ග්‍රෑම් 120 ක් සන්තකයේ තබාගෙන සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර විශේෂ කාර්ය බලකාය අණදෙන  නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.ඩි.පි.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම් සිදුකර ඇත්තේ.

එම විඩියෝ දර්ශන පහතින්,


GalleryGalleryGallery