අගමැතිගෙන් ලොහාන්ට දුරකථන ඇමතුමක්..ගෙදරම යන්න වෙයි?..(VIDEO)

Sri Lanka Parliament Prison Mahinda Rajapakshe Lohan rathwaththe
By Aruna Sep 16, 2021 08:20 AM GMT
Aruna

Aruna

Report

වැලිකඩ බන්ධනාගාරයට සහ අනුරාධපුර බන්ධනාගාරයට බලහත්කාරයෙන් ඇතුළු වී නොමනා හැසිරීමක් පෙන්නුම් කළ ලොහාන් රත්වත්තේට, ඔහු දරන සියලු අමාත්‍ය ධූරවලින් ඉවත්වන ලෙස, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඉතාලියේ සිටින අග‍්‍රාමාත්‍යවරයා, අගහරුවාදා රාත‍්‍රියේ, ලොහාන් රත්වත්තේට දුරකථන ඇමතුමක් දී මේ බව දැනුම් දී තිබේ.

ඉන්පසුව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී ලොහාන්ගේ ඉල්ලා අස්වීම භාර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වූයේ ඔහු දැරූ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පමණක් වන අතර තවමත් ඔහු මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ධූරය දරයි.

මේ අතර වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ ඇතුළු පිරිසට එරෙහිව වහාම නඩු පැවරීම සහ අත්අඩංගුවට ගැනීම ඇතුළු නීතිමය පියවර ගත යුතුය බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

ඒ අනුව එක් තනතුරකින් පමණක් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා පවසන්නේ.

තවද වහාම අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගන්නා ලෙසද මන්ත්‍රීවරයා කියා සිටියා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැකවූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now