මැතිවරණ අත්පත්‍රිකා බෙදා හැරීමේ දී පෙළ පාලි තහනම්...

Election Commission of Sri Lanka Sri Lanka Election Sri Lanka Presidential Election 2024
By Parami Dissanayake Aug 31, 2024 06:14 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

මැතිවරණ අත්පත්‍රිකා ගෙන් ගෙට බෙදා හැරීම සඳහා පෙරහර හෝ පෙළපාලි ආකාරයට ජන සමූහ ලෙස ගමන් කිරීම තහනම් කර ඇති බවත් එසේ කටයුතු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

බුර්කිනා ෆාසෝහි ප්‍රහාරයෙන් 400ට වැඩි පිරිසක් ජිවිතක්ෂයට...

බුර්කිනා ෆාසෝහි ප්‍රහාරයෙන් 400ට වැඩි පිරිසක් ජිවිතක්ෂයට...

තව ද, අත්පත්‍රිකා බෙදා හැරීමේදී සංගීත වාදන සහ ප්‍රදර්ශන පුවරු යොදා නොගත යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂවලට දැනුම්දී ඇත.

තව දුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇත්තේ, මැතිවරණ සමයේදී දේශපාලන පුවත් හා ලිපි හෝ දැන්වීම් අතිරේක යනාදිය රජයේ හෝ රජයේ ආයතනවල වියදමින් පළ නොකරන ලෙසයි.

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

ඩුබායි රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට පොදු සමා කාලයක්...

කෙසේ වෙතත්, කොමිසම තව දුරටත් පවසා ඇත්තේ, රජයේ නිලධාරීන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීමෙන් වැළකිය යුතු බවත් රජයේ කාර්යාල පාසල් ආදී කිසිදු ආයතනයක හෝ එම පරිශ්‍රයන්හි ඡන්ද ආයාචනා කිරීම, අත්පත්‍රිකා බෙදා හැරීම, ප්‍රදර්ශන පුවරු හෝ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බව ය.

ReeCha