කාන්තාවන්ට විශේෂ දැනුම් දීමක්.. මීටරයට ඇගිල්ල දාද්දි මේ දේවල් කරන්න යන්න එපා..

Covid Sri Lanka Women Oxymeeter
By Aruna Sep 02, 2021 02:40 AM GMT
Aruna

Aruna

Report

ඔක්සි මීටර භාවිතා කරන කාන්තාවන්ට පණිවිඩයක්. ඔක්සිජන් මැනීමට භාවිත කෙරෙන පල්ස් ඔක්සි මීටර් භාවිත කිරීමේ දී බොහෝ කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු එස්.ඒ.ජේ. කරුණාතිලක පැවසීය. ඊයේ (01 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ඒ පිළිබඳ මෙසේ අදහස් දැක්වීය. ‘‘මෙම ඔක්සිජන් මීටර්වල විවිධ දෝෂ තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට මේක ඔර්ජින්ල්ද නැද්ද කියලා අඳුරාගන්න බැහැ.

පල්ස් ඔක්සි මීටරයකට පෑනක් දාලා ‘ඔන්’ කරලා බලන්න එවිට අගයක් පෙන්වනවානම් අනිවාර්යෙන්ම එය නිවැරදි එකක් නෙමෙයි.

මෙහි අගයක් පමණක් පෙන්වනවානම් එයත් වැරැදි උපකරණයක්.

නිවැරැදි එකක් කේත අංකයක් පෙන්වනවා.

මෙයට ඇඟිල්ල දාලා නිරීක්ෂණය කරන විට ඇඟිල්ල යළි ඉවතට ගැනීමේ දී ‘ෆින්ගර් අවුට්’’ වශයෙන් සටහන් විය යුතුයි.

ඇඟිල්ලට රුධිරය යන එක වළක්වා ඇඟිල්ල ඔක්සි මීටරයට දැමූ විට එහි ඉරි දෙකක් පමණක් සටහන් වනවානම් එය භාවිතයට සුදුසු ඔක්සි මීටර් ලෙස හැඳින්විය හැකිය.

ඒ වගේම කාන්තාවන්ගේ නියපොතු වර්ණ ගන්වා ඇත්නම් කෘත්‍රිම නියපොතු දමා ඇත්නම් මෙම ඔක්සි මීටර්වලින් නිසි අගය පෙන්වන්නේ නැහැ.

පල්ස් ඔක්සි මීටර්වල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය තිබිය යුතුයි. එසේම රුපියල් 2500ක් සහ රුපියල් 9000ක මිල පරාසයකට මෙම ඔක්සි මීටර් මිලදී ගත හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha